%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B6%AF+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92
Wednesday, 11 September 2019 - 16:23
ඉදිරි පැය කිහිපයේ පළාත් කිහිපයකට තද වැසි
4,921

Views
ඉදිරි පැය කිහිපය තුල බස්නාහිර, මධ්‍යම, සබරගමුව, නැගෙනහිර, උතුරු මැද සහ උතුරු පළාත්වලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ගිගුරුම් සහිත වැසි සමග පැයට කිලෝමීටර් 70ක 80ක පමණ කෙටිකාලීන තද සුළං ද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ද ඔවුන් දැනුම් දෙනවා.

මේ අතර අද දහවල් කොළඹ නගරයට ඇද හැලූනු දැඩි වර්ෂාවත් සමඟ මාර්ග කිහිපයක් ජලයෙන් යටවුණා.

ආමර් වීථීය, සංඝරාජ මාවත, ශ්‍රී සුමනතිස්ස මාවත ඇතුලූ මාර්ග කිහිපයක් මෙලෙස ජලයෙන් යටවූ අතර, ඒ හේතුවෙන් එම මාර්ග ආශ්‍රිතව දැඩි රථවාහන තදබදයක්ද හටගත්තා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
1,867 Views
52,645 Views
20,338 Views
27,230 Views
329 Views
101,935 Views
Top