%E0%B6%A2%E0%B6%BD%E0%B7%80%E0%B7%8F%E0%B7%82%E0%B7%8A%E0%B6%B4+%E0%B7%83%E0%B7%84%E0%B7%92%E0%B6%AD+%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A
Thursday, 12 September 2019 - 12:54
ජලවාෂ්ප සහිත ග්‍රහලෝකයක් සොයාගැනේ
870

Views
සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත තාරකාවක් වටා භ‍්‍රමණය වෙමින්  පවතින ග්‍රහලෝකයක ජල වාෂ්ප පවතින බවට පර්යේෂණයකින් හෙළිවී තිබෙනවා.

මෙවැනි සොයාගැනීමක් සිදුකර ඇත්තේ ප්‍රථම වතාවට වන අතර  කේ. ටූ එයිටීන් බී ලෙස මෙම ග්‍රහලෝකය නම් කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මෙම ග්‍රහලෝකය ආලෝක වර්ෂ 111 ක් දුරින් පිහිටා ඇති අතර, එහි ජීවින් වාසය කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු දැනගැනීම සඳහා තවත් වසර 10 ක් ගතවනු ඇති.  

ඒ සඳහා නව අභ්‍යවකාශ දුරේක්ෂ භාවිතා කළ යුතු අතර, මෙම ග්‍රහලෝකයේ උෂ්ණත්වයට පෘථිවියට බෙහෙවින් සමාන වනවා.

මෙය පෘථිවිය මෙන් දෙගුණයක් පමණ විශාල වන අතර, ස්කන්ධය පෘථිවියේ ස්කන්ධය මෙන් අට ගුණයක් බවයි වාර්තා වන්නේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
1,612 Views
52,400 Views
20,243 Views
27,105 Views
230 Views
101,658 Views
Top