%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%9F%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Thursday, 12 September 2019 - 13:38
ගුවන් මඟීන්ට විශේෂ නිවේදනයක්
6,962

Views
ඇපල් මාදිලියේ අගල් 15 Mac Book Pro උපාංගය ගුවන් ගමන් සදහා රැගෙන යාමට අවසර නොදෙන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසනවා.

ඇපල් සමාගම විසින් සීමිත සංඛ්‍යාවක් නිෂ්පාදනය කර ඇති අඟල් 15 Mac Book Pro ඒකකයේ බැටරිය අධික ලෙස රත් වී ගිනි ගැනීමේ අවදානමක් මතු ව ඇති බව එම සමාගම විසින් නිල වශයෙන් නිවේදනය කර ඇති බැවින් මෙම තීරණය ගත් බවයි
ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසන්නේ.

එමෙන්ම ගුවන්තොටුපළ පරීක්ෂා කිරීමේ කටයුතුවලදී මෙම උපංගය සම්බන්ධයෙන් තොරතුරු විමසන අවස්ථාවේ දී බැටරිය නැවත ප්‍රතිස්ථාපනය කර ඇති බවට සාක්ෂි ඉදිරිපත් කිරීමට සිදුවන බවයි ශ්‍රී  ලංකන් ගුවන් සමාගම සදහන් කළේ.

ගුවන් මගින් විසින් රැගෙන එනු ලබන Mac Book Pro උපාංගයේ ආරක්ෂිත බව තහවුරු කිරීමට නොහැකි වන්නේ නම් එය  ගුවන් ගමන සඳහා රැගෙන යාමට ඉඩ ලබා නොදෙන බව ශ්‍රී  ලංකන් ගුවන් සමාගම විසන් නිකුත් කර ඇති නිවේදනයේ සදහන්.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
1,867 Views
52,645 Views
20,338 Views
27,230 Views
329 Views
101,935 Views
Top