%E0%B7%86%E0%B7%9A%E0%B7%83%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%85%E0%B6%BD%E0%B7%99%E0%B7%80%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%96+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+04+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
Friday, 13 September 2019 - 15:51
ෆේස්බුක් සාදවලට අලෙවි කිරීමට සූදානම් කර තිබූ මත්පෙති සමඟ අත්අඩංගුවට ගත් 04 දෙනෙකු රිමාන්ඩ්
557

Views
ෆේස්බුක් සාද සඳහා මත්පෙති බෙදාහරිමින් සිටියදී අත්අඩංගුවට ගත් සැකකරුවන් තුන් දෙනෙකු සහ සැකකාරියක ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ, ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.  

හික්කඩුව දුම්රිය ස්ථානය ආසන්නයේදී මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් මත්පෙති 120 ක්ද සමඟ ඊයේ රාත්‍රියේ මොවුන් අත්අඩංගුවට ගෙන තිබුණා.

එහිදී අනාවරණ වුණේ කුලී පදනම මත ලබාගත් මෝටර් රථයකින් හික්කඩුව ප්‍රදේශයේ පැවැත්වෙන ෆේස්බුක් සාදවලට සහ විදේශිකයන්ට බෙදාහැරීම සඳහා මොවුන් මෙම මත්පෙති රැගෙන යන බවයි.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කළ සැකකරුවන් සහ සැකකාරිය අත්තිඩිය, දෙහිවල සහ බෝකුන්දර ප්‍රදේශවල පදිංචිකරුවන්.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
1,867 Views
52,645 Views
20,338 Views
27,230 Views
329 Views
101,935 Views
Top