%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%87%E0%B6%9F%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
Friday, 13 September 2019 - 17:30
බ්‍රිතාන්‍ය අගමැතිට කතානායකගෙන් අනතුරු ඇඟවීමක්
269

Views
යුරෝපා සංගමයෙන් ඉවත් වීම සඳහා වන බ්‍රික්සිට් ගිවිසුම ප්‍රමාද කිරීම ප්‍රතික්ෂේප කරමින් කටයුතු නොකරන ලෙසට බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් වෙත කතානායක ජෝන් බර්කෝව් අනතුරු අඟවා තිබෙනවා.

ලන්ඩන් නුවරදී මාධ්‍ය අමතමින් කතානායකවරයා මේ බව ප්‍රකාශ කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව මගින් මේ මස ආරම්භයේදී යුරෝපා සංගමයෙන් ඉවත් වීම සඳහා වන බ්‍රික්සිට් ගිවිසුම වළක්වාලමින් පනතක්ද සම්මත කරගනු ලැබුවා.

කෙසේ වෙතත්, අගමැති බොරිස් ජොන්සන් තවදුරටත් ප්‍රකාශ කර සිටින්නේ සැලසුම් කළ පරිදි ඔක්තෝම්බර් මස 31 වැනිදා බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වන බවයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
1,612 Views
52,400 Views
20,243 Views
27,105 Views
230 Views
101,658 Views
Top