%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%8F+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B6%AF+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%AF%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
Friday, 13 September 2019 - 20:04
රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයෙන් හෙළිදරව්වක්
493

Views
නුවරඑලිය දිස්ත්‍රික් රෝහලේ වැඩමුළුවක් පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් රාජකාරී නිවාඩු අනුමත කරගනිමින්, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය නුවරඑලියේදී ක්‍රීඩා සැණකෙලියක් පවත්වා ඇති බවට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය චෝදනා කරනවා.

එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේ අදාළ නීතිවිරෝධී ක්‍රීඩා සැණකෙලියට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නද සහභාගි වී ඇති බවයි.

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සංවිධාන කර තිබූ ක්‍රීඩා හා සංගීත සැණකෙලියක් සැප්තැම්බර් 06 සහ 07 යන දිනයන් හි නුවරඑලිය නගර සභා ක්‍රීඩාංගනයේදී පැවැත්වුණා.

එහිදී සය සාමාජික ක්‍රිකට් තරඟ, දැල් පන්දු, වොලිබෝල්, බැඞ්මින්ටන් යන ක්‍රීඩා අංශවලින් තරඟ ඉසව් සඳහා රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ හෙද හෙදියන් ක්‍රීඩා කරන අයුරු දක්නට ලැබුණා.

ක්‍රීඩා සැණකෙලිය පැවැත්වුණු දෙවන දිනයේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ද ඊට සහභාගි වී සිටියා.

කෙසේ වෙතත්, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය චෝදනා කරන්නේ දිස්ත්‍රික් රෝහලේ වැඩමුළුවක් පවත්වන බව පවසමින් මෙම ක්‍රීඩා උත්සවය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් රාජකාරී නිවාඩු අනුමත කරගෙන ඇති බවයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
1,201 Views
51,930 Views
20,080 Views
26,883 Views
13 Views
101,206 Views
Top