සුනඛ පැටවුන් දෙදෙනෙකු අමානුෂිකව පහරදී ඝාතනය කරයි

Friday, 13 September 2019 - 21:24

%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B6%9B+%E0%B6%B4%E0%B7%90%E0%B6%A7%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%94%E0%B7%82%E0%B7%92%E0%B6%9A%E0%B7%80+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%93+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
සතුන්ට ආදරය කරුණාව දැක්වීම උතුම් වූ මිනිස් ගුණයක්.

එම ගුණයට නිගාදෙන සිදුවීමක් අපට කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයෙන් වාර්තා වුණා.

ඒ කිසියම් පුද්ගලයෙකු විසින් සුනඛ පැටවුන් දෙදෙනෙකුට අමානුෂික ලෙස පහරදී ඝාතනය කිරීමේ සිද්ධියක්.

හිමිකරුවෙකු නොමැති සුනඛ මවක් සහ පැටවුන් 6 දෙනෙකු මාලිගාවත්ත හිඩ්‍රා පෙදෙස ආසන්නයේ මීට මාස 4ක පමණ සිට ජීවත්ව තිබුණේ ප්‍රදේශවාසීන් ලබා දෙන ආහාර පානවලින් කුස පුරවා ගනිමින්.

එම පැටවුන්ගෙන් තිදෙනෙකු විවිධ පිරිස් රැගෙන ගොස් ඇති අතර ප්‍රදේශවාසීන් ඉතිරි වූ පැටවුන් නිවාස සංකීර්ණය ආසන්නයේ කූඩුවක රඳවා තිබුණා.

පෙරේදා අලුයම එම ස්ථානයට පැමිණි පුද්ගලයෙකු කූඩුවෙන් සුනඛයින් ඉවතට ගෙන ඔවුන්ට පහර දී ඝාතනය කර තිබෙනවා.

සිද්ධියට අදාළ දර්ශන ඒ ආසන්නයේ වූ නිවසක සවි කර තිබූ ආරක්ෂක කැමරාවක සටහන්ව තිබුණා.

පහර දීම සිදුවන අවස්ථාවේදී කූඩුව තුළ පැටවුන් තිදෙනෙකු සිට ඇති අතර ඉන් එක් පැටවකු බේරී පළාගොස් තිබෙනවා.

තුවාල ලැබූ පැටවා මේ වනවිට ප්‍රදේශවාසීන්ගේ රැකවරණය යටතේ සිටිනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් මාලිගාවත්ත පොලිසියට පැමිණිල්ලක්ද කර තිබෙනවා.

පසුගිය මාස කිහිපයකදීම දිවයිනේ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකින්ම සුනඛයින් ඝාතනය කිරීමේ සිද්ධීන් වාර්තා වුණා.



සමාජ ජාලා වීඩියෝව ගැන විමර්ශනයට නීතිපති සහ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සහය
Saturday, 29 February 2020 - 7:58

සමාජ මාධ්‍ය හරහා මේ දිනවල හුවමාරු වන සහ දැඩි කතාබහට ලක්වී... Read More

එජාප - සන්ධානයේ ‘ලකුණ’ ගැන තවත් සාකච්ඡාවක් හෙට
Saturday, 29 February 2020 - 7:53

සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුතු සමඟි ජනබලවේගයේ ව්‍යවස්ථාවට... Read More

ජිනීවා ගිය ඇමති දිනේෂ් ඇතුළු දූත පිරිස අද දිවයිනට
Saturday, 29 February 2020 - 7:49

ජිනිවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ 43 වන සැසිවාරයට සහභාගි... Read More