%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%99%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%94%E0%B6%AB+%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B7%9A+-+%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B7%99+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A
Saturday, 14 September 2019 - 7:25
එජාපයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් අගමැති මුණ ගැසේ - සජිත් අද එජාපෙ නායකයන් හමුවේ
4,071

Views
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස සහ එක්සත් ජාතික පෙරමුණේ නායකයින් අතර තීරණාත්මක සාකච්ඡාවක් අද පැවැත්වෙනවා.

එක්සත් ජාතික පෙරමුණේ ජ්‍යෙෂ්ඨ නායකයෙකුගේ කොළඹ පිහිටි නිවසේදී රාත්‍රියේ මෙම සාකච්ඡාව පැවැත්වෙන්නේ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා සිදුකළ ආරාධනාවකට අනුව බවයි දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක අමාත්‍ය මනෝ ගනේෂන් කියා සිටියේ.

පසුගිය අඟහරුවාදා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස අතර පැවති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරයා දැනුම් දී තිබුණේ එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන සෙසු පක්ෂ සමඟ සාකච්ඡා කර පැමිණෙන ලෙසටයි.

ඒ අනුව අද පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂවල නායකයින් අතර සාකච්ඡාවක් පවත්වා සිය ජනාධිපති අපේක්ෂකයා නම් කරන බව අමාත්‍ය මනෝ ගනේෂන් කියා සිටියා.

එමෙන්ම, එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු අතර සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී ඊයේ රාත්‍රියේ පැවැත්වුණා.

පස්වරු 6ට පමණ ඇරඹි සාකච්ඡා පැය දෙකකට ආසන්න කාලයක් බවයි බවයි වාර්තා වන්නේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
1,201 Views
51,930 Views
20,080 Views
26,883 Views
13 Views
101,206 Views
Top