බැකෝ යන්ත්‍ර යොදා මැණික් ඉල්ලම් ගොඩ දමන්නන් රත්නපුර - නිවිතිගල හරහා ගලාබසින හංගමු ගඟ මුළුමනින්ම විනාශ කරමින් සිටිනවා.
ගම්වාසීන් චෝදනා කළේ මේ විනාශය පිළිබදව රාජ්‍ය නිලධාරීන් දැනුවත් කළඳ ඉන් පළක් නොවු බවයි.
අද සී.එයි.ඒ. අනාවරණය හංගමු ගඟේ සිදුවන මැණික් ජාවාරම පිළිබඳවයි.
රත්නපුර - නිවිතිගල - කොළඹගම හරහා ගලා බසින හංගමුව ගඟ නිවිතිගල ප්‍රදේශයේ සුන්දරත්වය තව තවත් තීව්‍රර කරන කළු ගගේ අතු ගංගාවක්.
නිල් පැහැයෙන් ගලා බසිනා මෙම ජලධාරාව තැඹිලිදෙණිය ප්‍රදේශයේදී මෙලෙස මඩ මිශ්‍රිත ජල පහරක් බවට පත් වනවා.
ඒ බැකෝ යන්ත්‍ර යොදා එම ස්ථානයේ මහා පරිමානයෙන් සිදුකරනා මැණික් ඉල්ලම් ගොඩදැමීම හේතුවෙන්.
බැකෝ යන්ත්‍රය හරහා ගොඩදමන පස් හා ගල් තොගය මොවුන් ක්‍රම ක්‍රමයෙන් ගොඩ ගසන්නේ ගං ඉවුරටයි.
ඒ හේතුවෙන් තැඹිලිදෙණිය ප්‍රදේශයේදී ගඟ අඩි කිහිපයකට පටු වී එහි ගමන් මාර්ගය මුළු මනින්ම වෙනස් වී තිබෙනවා.
මේ විනාශය පිළිබදව ගම්වාසීන් පරිසරයට වගකියනා රාජ්‍ය නිලධාරීන් දැනුවත් කර ඇත්තේ වරක් දෙවරක් නොවේ.
ගම්වාසීන් පෙන්වා දෙන්නේ බැකෝ යන්ත්‍රයක් යෙදා මෙම මැණික් ඉල්ලම් ගොඩදමන ඉඩමට අධිකරණයේ නඩුවක් ද පවතින බවයි.
එවන් තත්ත්වයක් තුල මැණික් ගැරීම සදහා මෙම ස්ථානයට අවසර ලබාදීම ද ගැටළු සහගත තත්ත්වයක්.
මුළු රටකට අයත් ස්භාවික සම්පතක් මෙලෙස වනසා දැමීමට ඉඩ දී මෙරට නීතිය ක්‍රියාත්මක කරනා බලධාරීන් ඇස් කන් වසා සිටීම අනුමත කළ හැකි ද ?
මෙම අනාවරණයෙන් පසු ව හෝ ගංගමුව ගඟ රැක ගැනීමට බලධාරීන් ක්‍රියාත්මක වනු ඇත්ද ?
හිරු සී.අයි.ඒ. ඉදිරියේදීත් මේ පිළිබද අවධානයෙන්.

Follow US
Most Viewed Stories