%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B7%8A%E0%B6%B8%E0%B7%93%E0%B6%BB%E0%B6%BA+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A
Sunday, 15 September 2019 - 16:59
කාශ්මීරය තවදුරටත් උණුසුම්
565

Views
ඉන්දීය රජය විසින් ප්‍රාන්ත තත්ත්වය අහිමි කර සති 6ක් ගත වද්දීත්, කාශ්මිරයේ විරෝධතා දිනපතා ක්‍රියාත්මක වන බව විදෙස් වාර්තා සඳහන් කළා.

විශේෂයෙන් ඉන්දු - කාශ්මීරයේ ප්‍රධාන නගරය වන ශ්‍රී නගර් හි දිනකට විරෝධතා 20ක් පමණ ක්‍රියාත්මක වන බව සඳහන්.

පසුගිය අගෝස්තු 5 වන දා සිට එලෙස විරෝධතා 722ක් පවත්වා ඇති අතර එහිදී සිවිල් වැසියන් 200 දෙනෙකු සහ ආරක්ෂක අංශ සාමාජිකයින් 415 දෙනෙකු තුවාල ලැබුවා.

ඉන්දීය බලධාරීන් විසින් කාශ්මීරයේ ප්‍රාදේශීය දේශපාලනඥයන් 170 දෙනෙකු ඇතුළු 4100කට අධික සංඛ්‍යාවක් මේ වන විට අත්අඩංගුවට ගෙන රදවා සිටිනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,312 Views
55,887 Views
21,456 Views
28,548 Views
1,194 Views
105,605 Views
Top