Update+-+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF+%E0%B6%AD%E0%B6%AF+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92
Monday, 16 September 2019 - 6:42
Update - පළාත් හයකට අද තද වැසි
11,012

Views
බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම, උතුර සහ වයඹ පළාත්වලට අද දිනයේ මිලිමීටර 150 කට වඩා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම දිවයිනේ සෙසු පළාත්වලට පස්වරු දෙකෙන් පසුව මිලිමීටර 100 ක පමණ වැසි අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ සඳහන් කළේ.

එමෙන්ම දිවයිනට දකුණු, බස්නාහිර සහ ගිනිකොණ දෙසින් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර 80 දක්වා ඉහළ යා හැකි බැවින් මුහුදු ප්‍රදේශ ක්‍ෂණිකව රළු වීමේ හැකියාවක් පවතිනවා.

මේ සම්බන්ධයෙන් ධීවර සහ නාවික ප්‍රජාව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙසයි දැනුම් දෙන්නේ.

එමෙන්ම රත්නපුර, නුවරඑළිය, කෑගල්ල සහ කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ.

ගල් පෙරළීමේ අවදානමක් හේතුවෙන් බදුල්ල - සොරණාතොට ප්‍රදේශයෙන් පවුල් 88 ක් ඉවත් කර ඇති බවද ඔහු කියා සිටියා.

මේ අතර පොල්ගහවෙල සිට දකුණු කළුතර බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් යත්තල්ගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේදී අද අලුයම කාර්මික දෝෂයකට ලක්වුණා.

දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ වෙනත් දුම්රියක ආධාරයෙන් එය අඹේපුස්ස දුම්රිය ස්ථානය වෙත රැගෙන ගොස් ඇති අතර, එහි සිටි මගීන් වෙනත් දුම්රියකින් ප්‍රවාහනය කිරීමට අදාළ කටයුතු සිදුකළ බවයි.

----------------------------------------------------------------------

ඉදිරි පැය 24දී වැසි තත්වයේ වැඩි වීමක් - MONDAY, 16 SEPTEMBER 2019 - 6:42

බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ දකුණ ඉදිරි පැය 24 තුළ මිලිමීටර් 150 දක්වා අධික තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
Hiru News Programme Segments
2,808 Views
56,296 Views
21,568 Views
28,686 Views
1,267 Views
106,024 Views
Top