%E0%B6%87%E0%B7%86%E0%B7%8A%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%BB%E0%B7%90%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+24+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
Tuesday, 17 September 2019 - 19:58
ඇෆ්ගන් ජනපති ගිය රැළියක බෝම්බයක් පුපුරා 24 දෙනෙකු මියයයි
1,073

Views
ඇෆ්ගනිස්ථාන ජනාධිපතිවරයාද එක්ව සිටි කාබුල් අගනුවර ආසන්නයේ පිහිටි පර්වාන් ප්‍රාන්තයේ මැතිවරණ රැළියකට එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ජනාධිපති අෂ්රොෆ් ඝානි රැළිය ඇමතීමට සුළු මොහොතකට පෙර ප්‍රහාරය එල්ලවී ඇති බවයි.

එමෙන්ම කාබුල් අගනුවර පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය අසළ අද සිදුවූ මරාගෙන මැරෙන තවත් බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

ප්‍රහාරයේ වගකිම තලේබාන් සංවිධානය භාරගෙන ඇති බව සඳහන්.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,312 Views
55,887 Views
21,456 Views
28,548 Views
1,194 Views
105,605 Views
Top