%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90%2C+%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%94%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B7%9E%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Wednesday, 18 September 2019 - 19:46
ප්‍රහාරයට සම්බන්ධයක් නැහැ, ඉරානය කියයි - ඔප්පු කරන බවට සෞදියෙන් ප්‍රකාශයක්
725

Views
සෞදි අරාබියේ තෙල් පිරිපහදු සංකීර්ණවලට එල්ලවූ ප්‍රහාරයට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවට ඉරානය අද ඇමරිකා එක්සත් ජනපදය වෙත නිල දැනුම්දීමක් කළා.

ටෙහෙරාන් හි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය හරහා ඉරානය අදාළ දැනුම්දීම සිදුකළ බවයි ඉර්නා ප්‍රවෘත්ති සේවය සඳහන් කළේ.

එමෙන්ම ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සෞදියට එල්ලවූ ඩ්‍රෝන ප්‍රහාරය සම්බන්ධයෙන් තම රට වෙත චෝදනා එල්ල කිරීම දැඩි ලෙස ප්‍රතික්ෂේප කළ ඉරානය එය හෙළා දැක තිබෙනවා.

මේ අතර සෞදි අරාබිය ප්‍රකාශ කළේ ප්‍රහාරයට ඉරානය සම්බන්ධ බවට ද්‍රව්‍යමය සාක්ෂි ඉදිරිපත් කිරීමට තමන් සූදානම් බවයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,312 Views
55,887 Views
21,456 Views
28,548 Views
1,194 Views
105,605 Views
Top