%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%85%E0%B6%9B%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%87%E0%B6%9F%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%8A
Friday, 20 September 2019 - 16:41
දුම්රිය රැසක් තවදුරටත් ප්‍රමාදයි - අඛණ්ඩ වර්ජනයක් ගැනත් අනතුරු ඇඟවීම්
29,615

Views
වැටුප් විෂමතා ගැටලුවලට විසඳුම් ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය සේවකයින් ආරම්භ කර ඇති අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් අද පස්වරුවේ කාර්යාල දුම්රිය රැසක් ප්‍රමාද වුණා.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට දුම්රිය රියදුරන්, පාලකවරුන්, නියාමකවරුන්, ස්ථානාධිපතිවරුන් නියෝජනය කරන වෘත්තීය සමිති ඇතුළු තවත් වෘත්තීය සමිති කිහිපයක් එක්ව සිටින බවයි.  

එසේම, අද උදෑසන දුම්රිය වර්ණ සංඥා පද්ධතිය බිඳ වැටීම හේතුවෙන් කොළඹ - කොටුව, මරදාන, මුහුදුබඩ මාර්ගය ආශ්‍රිතව දුම්රිය ධාවනයට ද බාධා එල්ල වුණා.

පිට පළාත්වල සිට කොළඹ කොටුවට ධාවනය වූ දුම්රිය රැසක් මේ හේතුවෙන් මරදාන දුම්රිය ස්ථානයට පැමිණීමට නොහැකිව එක පෙළට නවත්වා තිබූ අතර, ඉන් කාර්යාල සේවකයින් රැසක් වනවාසල, කැළණිය, දෙමටගොඩ යන දුම්රිය ස්ථානවල සිටම මරදාන හා කොටුව දුම්රිය ස්ථාන වෙත පාගමනින් ගමන් කරන ආකාරය දක්නට ලැබුණා.

අප කළ විමසීමකදී දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ උදෑසන කාලයේ පමණක් කාර්යාල දුම්රිය 50 ක් පමණ ප්‍රමාද වී ධාවනය වූ බවයි.

කෙසේ වෙතත්, තවමත් ප්‍රමාද වී දුම්රිය ධාවනය සිදුවන අතර මේ හේතුවෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ අද පස්වරුවේ උණුසුම් තත්ත්වයක් ද ඇති වුණා.

ඒ ප්‍රවේශ පත්‍රවල සහ වාර ප්‍රවේශපත්‍රවල මුදල් යළි ලබා දෙන ලෙස ඉල්ලමින් දුම්රිය මගීන් කලහකාරි ලෙස හැසිරීම හේතුවෙන්.

එම අවස්ථාව වනවිටත් කොටුව දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ කවුළු රැසක් වසා තිබුණු බවයි අප වාර්තාකරු පැවසුවේ.

ඇතිවී ඇති තත්ත්වය හමුවේ ඇතැම් දුම්රිය රියදුරන් දුම්රිය ධාවනය කිරීම සඳහා තමන්ට පොලිස් ආරක්ෂාව අවශ්‍ය බව දුම්රිය ආරක්ෂක අංශය වෙත දැනුම්දී තිබෙනවා.

මේ හේතුවෙන් කොටුව දුම්රියපොල ඇතුළු දුම්රිය ස්ථාන කිහිපයකට සහ කාර්යාල දුම්රියන් කිහිපයකට පොලිස් ආරක්ෂාව ලබාදීමට පියවර ගත් බව දුම්රිය ආරක්ෂක අධිකාරි අනුර ප්‍රේමරත්න සඳහන් කළා.

දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් මේ වනවිට අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇති අතර එය මසකින් දීර්ඝ කිරීම ද පසුගියදා සිදුකෙරුණා.

එවන් පසුබිමකයි දුම්රිය සේවකයින් මෙම අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන්නේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,312 Views
55,887 Views
21,456 Views
28,548 Views
1,194 Views
105,605 Views
Top