%E0%B6%B6%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B4%E0%B7%90%E0%B6%BD%E0%B6%B3%E0%B7%93%E0%B6%B8+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3+%E0%B6%B4%E0%B7%90%E0%B7%80%E0%B6%AD%E0%B7%92+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B7%9A+%E0%B7%80%E0%B6%B1%E0%B7%80%E0%B7%92%E0%B6%A7+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B6%B1%E0%B7%91+-+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Saturday, 21 September 2019 - 20:15
බුර්කා පැලඳීම පිළිබඳ පැවති නීතිය මේ වනවිට ක්‍රියාත්මක නෑ - පොලිසියෙන් නිවේදනයක්
1,753

Views
හදිසි නීතිය බලනොපැවැත්වෙන බැවින් නිකාබ් - බුර්කා සහ මුහුණු ආවරණ පැලඳීම පිළිබඳ පැවති නීතිය මේ වනවිට ක්‍රියාත්මක නොවන බව, පොලිස් මූලස්ථානය පවසනවා.

විනය හා කල්ක්‍රියා සහ නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා, මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යවරයා වෙන ලිපියක් යොමු කරමින් මේ බව දැනුම් දී තිබෙනවා.

පසුගිය අප්‍රේල් 21 වැනිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව බුර්කා, නිකාබ් ඇතුළු මුහුණ ආවරණ වන ඇඟළුම් සම්බන්ධයෙන් සමාජයේ දැඩි විරෝධයක් මතුවුණා.

එමෙන්ම රාජ්‍ය ආයතනවල මෙන්ම පෞද්ගලික ආයතනවලද අනන්‍යතාව තහවුරු කර ගැනිමට නොහැකි වන ඇඟළුම් පැළඳ එම ස්ථානයන්ට ඇතුළු නොවන ලෙසට දැන්වීම්ද පළකර තිබෙනු දක්නට ලැබුණා.

ඒ අනුව පසුගිය අප්‍රේල් 29 වනදා රජය විසින් නිකුත් කෙරුණු 2121/1 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් නිවේදනය කෙරුණේ ප්‍රසිද්ධ ස්ථානයකදී යම් පුද්ගලයෙකු හඳුනා ගැනීමට බාධා වන පරිදි ඇඟළුම්, ඇඳුම් හෝ වෙනත් ද්‍රව්‍යයක් කිසියම් තැනැත්තෙකු විසින් නොපැලඳිය යුතු බවටයි.

ඊට අමතරව, නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද අනන්‍යතාව තහවුරු කර ගැනීමට බාධාවක් වන සියලුම ආකාරයේ මුහුණු ආවරණ භාවිතය තහනම් කරන බව සඳහන් කළා.

කෙසේ වෙතත්, මේ වනවිට හදිසි නීතිය බලනොපැවැත්වෙන බැවින් අදාළ නීති ක්‍රියාත්මක නොවන බව විනය හා කල්ක්‍රියාව සහ නීතිදිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා විසින්, තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයතු අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් මහතා වෙත දැනුම් දී තිබෙනවා.

ඒ, මුස්ලිම් කටයුතු අමාත්‍යවරයා යොමු කළ ලිපියකට පිළිතුරු ලෙසයි.

කෙසේ වෙතත්, තම ලිපිය මගින් එම්.එච්.ඒ. හලීම් මහතා පොලිස් මූලස්ථානයෙන් විමසුවේ කුමක්දැයි යන්න දැනගැනීම සඳහා අප අවස්ථා රැසකදී ඔහු සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද එය සාර්ථක වූයේ නැහැ.

කෙසේ වෙතත්, සිංහලේ අපි ජාතික සංවිධානය චෝදනා කරන්නේ, ආණ්ඩුව මුස්ලිම් ඡන්ද වෙනුවෙන් ජාතික ආරක්ෂාව අනතුරේ හෙළා ඇති බවටයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
News Image
Hiru News Programme Segments
3,666 Views
56,962 Views
21,812 Views
28,927 Views
1,424 Views
106,723 Views
Top