%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%9D%E0%B6%AF%E0%B7%92+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
Sunday, 22 September 2019 - 11:08
ඉන්දීය අගමැති මෝදි ඇමරිකාවට
244

Views
සතියක් පුරා සිදුකරන ඇමරිකානු සංචාරය ආරම්භ කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඊයේ ටෙක්සාසයේ හියුස්ටන් නුවරට ළඟාවුණා.

නිව්යෝක් නුවර පැවැත්වෙන  ජගත් සංවිධාන මහා මණ්ඩලයේ 74 වන සැසිවාරයට සහභාගිවීම ඉන්දීය නායකයාගේ මූලික අරමුණ වන අතර, ඊට පෙර ඔහු අද හියුස්ටන් හිදි ඇමරිකාවේ සිටින ඉන්දියානුවන් හමුවනවා.

50,000 කට අධික පිරිසක් සහභාගිවනු ඇතැයි අපේක්ෂා කරන හවුඩි - මෝඩි ලෙස නම් කර ඇති මෙම හමුවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද එක්වීමට නියමිතයි.

එමෙන්ම හෙට දිනයේදී අග්‍රාමාත්‍ය මෝදි සහ ජනපති ට්‍රම්ප් අතර ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වෙනු ඇති.

මේ අතර ජගත් සංවිධාන මහා සභාව ඇමතීම සඳහා පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ද ඊයේ නිව්යෝක් නුවරට ළඟාවුණා.

ඔහුද හෙට දිනයේ ජනපති ට්‍රම්ප් මුණගැසීමට නියමිතයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
News Image
Hiru News Programme Segments
3,666 Views
56,962 Views
21,812 Views
28,927 Views
1,424 Views
106,723 Views
Top