ඉරානයෙන් බටහිරට අනතුරු ඇඟවීමක්

Sunday, 22 September 2019 - 14:12

%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B6%A7%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B6%A7+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%87%E0%B6%9F%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ගල්ෆ් කලාපයෙන් නික්මෙන ලෙස ඉරානය අද විදේශීය හමුදාවලින් ඉල්ලීමක් කළා.

ජනාධිපති හසාන් රවුහානි මේ බව ප්‍රකාශ කළේ සෞදි අරාබියට ඇමරිකානු හමුදා එවීමට සූදානම් වද්දියි.

විදේශීය හමුදා සැමවිටම කලාපය තුළ වේදනාව සහ විනාශය පමණක් ඉතිරි කළ බවයි ඉරාන නායකයා කියා සිටියේ.

එමෙන්ම ඉදිරි දිනවලදී ජගත් සංවිධානය වෙත ගල්ෆ් කලාපයේ සාමය උදෙසා නව යෝජනාවලියක් ඉදිරිපත් කරන බවද ඔහු සඳහන් කළා.

පසුගිය සැප්තැම්බර් 14 වනදා සෞදි අරාබියේ තෙල් පිරිපහදු සංකීර්ණ වෙත ඉරානයේ සහය ලබන යේමනයේ හවුති කැරළිකරුවන් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පසමිතුරුකම් උත්සන්න වී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories