%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%A2%E0%B6%B1+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AB+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%85%E0%B7%80%E0%B6%B6%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8+%E0%B7%84%E0%B7%99%E0%B6%A7
Wednesday, 09 October 2019 - 15:52
නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ අතර අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම හෙට
1,717

Views
ජනාධිපතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අවබෝධතා ගිවිසුමට හෙට පෙරවරුවේ කොළඹ පදනම් ආයතනයේදී අත්සන් තැබීමට නියමිතව තිබෙනවා.

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහය පළ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද පෙරවරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළා.

නිදහස් පක්ෂ මුලස්ථානයේ පැවති එම මාධ්‍ය හමුවේදී නිදහස් පක්ෂයේ තීරණය දැනුම් දුන්නේ එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා විසින්.

එම මාධ්‍ය හමුවට එක්ව සිටි නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ප්‍රකාශ කළේ පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණ සමයේ මධ්‍යස්ථව කටයුතු කිරීමට තීරණය කර ඇති බවයි.

ජනාධිපතිවරණයේදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහායෝගය ලබාදීම පිළිබද නිදහස් පක්ෂයේ තීරණය දැනුම් දීමත් සමග රටපුරා නිදහස් පාක්ෂිකයින් රතිඤ්ඤා දල්වමින් සිය සතුට සමරනු ලැබු බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,077 Views
55,704 Views
21,427 Views
28,487 Views
1,160 Views
105,445 Views
Top