%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%2C+%E0%B7%80%E0%B7%93%E0%B6%BB%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%2C+%E0%B6%BB%E0%B6%AD%E0%B6%B1+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B7%94+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%B4%E0%B7%94%E0%B6%BB+%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%2C+%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%A7+%E0%B7%83%E0%B7%84%E0%B6%BA+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%92%E0%B6%9A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Wednesday, 09 October 2019 - 16:54
දුමින්ද, වීරකුමාර, රතන හිමි ඇතුලු පිරිසක් ගෝඨාභය සමඟ අනුරාධපුර වේදිකාවේ, සජිත්ට සහය දෙන්න ගිය ඒකනායකත් එක්වෙයි
6,458

Views
ක්‍ෂුද්‍ර මූල්‍ය ණය සහ ගොවි ණය තම රජයක් යටතේ කපා හරින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ සාර්ථක දැක්මක් - වැඩකරන රටක් යන තේමාව යටතේ අනුරාධපුරය - සල්ගාදු ක්‍රීඩාංගණයේ පැවති පොදුජන පෙරමුණේ මංගල ජනාධිපතිවරණ ජන රැළියට එක්වෙමින්.

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මෙම ජන රැළිය සඳහා එක්වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක, එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.එම්. චන්ද්‍රසේන, ෂෙහාන් සේමසිංහ සහ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට පසුගියදා සහය පළ කිරීම සඳහා එක්වූ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන ඩබ්ලිව්.බී. ඒකනායක සමඟයි.

මෙම ජන හමුවට නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් අමුණුගම, ඊ.පී.ඩී.පී. සංවිධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්දා, හිටපු අමාත්‍ය ඒ.එල්.එම්. අතාවුල්ලා මෙන්ම ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් පක්ෂ නායකයන් ඇතුලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් එක්ව සිටියා.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ජන රැළිය සඳහා එක්වුණේ පස්වරු 5.20 ට පමණයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක ද රැළිය ඇමතුවා.

එසේම ජන රැළියට එක්වූ පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ද එය ඇමතූ අතර, ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ද ජන රැළිය අමතනු ලැබුවා.

රැළිය ඇමතූ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ කියා සිටියේ තමන් ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ පසුව, විවිධ චෝදනා යටතේ දැනට සිරගත කර ඇති රණවිරුවන් නිදහස් කිරීමට කටයුතු කරන බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඉන් අනතුරුව ජනරැළිය ඇමතූ අතර, ඔහු කියා සිටියේ වර්තමානය වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කර අවසන් බවයි.











Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,077 Views
55,704 Views
21,427 Views
28,487 Views
1,160 Views
105,445 Views
Top