%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%B4%E0%B7%94%E0%B6%BB+%E0%B6%BB%E0%B7%90%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB+%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA%2C+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%A7
Wednesday, 09 October 2019 - 19:21
අනුරාධපුර රැළියට පෙර ගෝඨාභය, දුමින්ද දිසානායකගේ නිවසට
2,070

Views
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් අනුරාධපුරයේදී පැවැත්වුණු ප්‍රථම රැලියට පෙර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ආගමික වතාවත්වල නිරත වුණා.

ඔවුන් එහිදී අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන් පළමුවෙන් බැහැ දුටු අතර, අනතුරුව පැමිණියේ ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ ආශීර්වාදය ලබාගැනීමටයි.

පසුව ඔවුන් මිරිසවැටිය රාජමහා විහාරයට පැමිණ, විහාරාධිපති පූජ්‍ය ඊතලවැටුණුවැව ඥාණතිලක හිමියන්ගෙන් ආශීර්වාද ලබාගත් අතර, එහිදී උන්වහන්සේ අනුශාසනාවක්ද සිදුකළා.

ඉන් අනතුරුව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ අනුරාධපුර ජයන්ති විහාරය වෙත පැමිණ එහි විහාරාධිපති, උතුරු මැද දෙපළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය නුගේතැන්නේ පඤ්ඤානන්ද හිමියන් බැහැ දුටුවා.

අනතුරුව ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පැමිණියේ අනුරාධපුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලය පිහිටි, එම පක්ෂයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායකගේ නිවසටයි.

එහිදී ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිසට උණුසුම් පිළිගැනීමක් හිමිවුණා.

එම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මෙන්ම පසුගියදා එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාසට සහය පළ කරන බව පැවසූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්.බී.ඒකනායක ඇතුළු පිරිසක් එක්ව සිටියා.



Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,077 Views
55,704 Views
21,427 Views
28,487 Views
1,160 Views
105,445 Views
Top