%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%89%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B7%83%E0%B6%B7%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B7%9A+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94
Saturday, 12 October 2019 - 18:36
ඇල්පිටියේ ඉතිරි සභිකයින් නම් කිරීම ඡන්ද කොමිසමේ උපදෙස් වලින් පසු
671

Views
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ කාන්තා නියෝජිතයින් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් ලැබුණු පසු සභිකයින්ගේ නම් ගැසට් කිරීම සිදුකරන බව ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරි සෝමරත්න විදානපතිරණ පවසනවා.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට අයත් කොට්ඨාශ 17 ම විශිෂ්ඨ ලෙස ජයග්‍රහණය කරමින් එම සභාවේ බලය තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වුණා.

ඒ ඊයේ පැවති ඡන්ද විමසීමේදී සමස්ත ඡන්ද 23,372 ක් සහ සමස්ත කොට්ඨාශ 17ම ජය ගනිමින්.

එක්සත් ජාතික පක්ෂය ඡන්ද 10,113ක් ලබා ගත් අතර, ඔවුන් ලබා ගත් ආසන සංඛ්‍යාව 7ක්.

එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 5273 ක් ලබාගෙන මන්ත්‍රී ධුර 3 ක් හිමිකර ගැනීමට සමත් වූ අතර, ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රී ධුර 2 ක් තමන් සතු කර ගත්තේ සමස්ත ඡන්ද 2435ක් ලබා ගනිමින්.

කෙසේ වෙතත්, ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කළ නාම යෝජනා ප්‍රතික්ෂේප වීම හේතුවෙන් අධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් ලබා ගැනීමට කටයුතු කළ ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණට මෙහිදී කිසිදු මන්ත්‍රී ධුරයක් හිමි නොවූ අතර, ඔවුන් ලබා ගත්තේ ඡන්ද 310 ක් පමණයි.

ඒ අනුව, ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සියලූම කොට්ඨාශ ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වූ අතර සෙසු පක්ෂවලට හිමිවූයේ ලැයිස්තු මන්ත්‍රී ධුර පමණයි.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී සියයට 40.47 ක ඡන්ද ප්‍රතිශතයක් හිමි කර ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙම ඡන්ද විමසීමේදී සිය ඡන්ද ප්‍රතිශතය සියයට 56.31 ක් දක්වා ඉහළ නංවාගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, පසුගිය පළාත් පාලන මැතිවරණයේදී සියයට 32.63ක ප්‍රතිශතයකට හිමිකම් කියූ එක්සත් ජාතික පක්ෂයට මෙම ඡන්ද විමසීමේදී ලබා ගත හැකිවූයේ සියයට 24.37ක ප්‍රතිශතයක් පමණයි.

මේ වනවිට එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සන්ධානගතව ඇති බැවින් එම පක්ෂ දෙකම ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ලබා ගත් ඡන්ද ප්‍රතිශතය සියයට 69.1ක්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇල්පිටිය ප්‍රාදේශීය සභාව ජයග්‍රහණය කළ බවට ප්‍රකාශ වීමත් සමග ඊයේ සහ අද දිවයින පුරා පාක්ෂිකයින් රැසක් සිය සතුට සැමරීම වෙනුවෙන් සැමරුම් උත්සව සංවිධාන කර තිබුණා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
News Image
Hiru News Programme Segments
3,666 Views
56,962 Views
21,812 Views
28,927 Views
1,424 Views
106,723 Views
Top