%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A+%E0%B6%A7%E0%B7%93+%E0%B6%A7%E0%B7%93+%E0%B6%8A+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%B1+%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Saturday, 12 October 2019 - 20:17
හිටපු එල් ටී ටී ඊ සාමාජිකයෙකුගේ නිවසින් පුපුරන ද්‍රව්‍ය හමුවෙයි
1,734

Views
කිලිනොච්චිය, සේනුවර ප්‍රදේශයේදී ටී 56 ගිනි අවියක් සමඟ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු සහ තවත් කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැඩිදුර විමර්ශනවලදී සැකකරුගේ නිවසේ සඟවා තිබූ ගිනි අවි, පුපුරණ ද්‍රව්‍ය සහ සැක සහිත උපකරණ රාශියක් සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.

සේනුවර යුද හමුදා කඳවුරේ නිලධාරියෙකුට ලද තොරතුරක් මත යුද හමුදා නිලධාරීන් විසින් සේනුවර කිලිවෙඩ්ඩි පාලම අසලදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ ටී.56 වර්ගයේ ගිනි අවියක්ද සමඟයි.

වයස අවුරුදු 36 ක් වූ ජෝසප් පීටර් රොබින්සන් නැමති අදාළ සැකකරුගෙන් පොලිසිය කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ තොරතුරු මත කිලිනොච්චිය අම්බාල්කුලම්හි පිහිටි ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී නීති විරෝධී ගිනි අවි, පුපුරණ ද්‍රව්‍ය සහ තවත් සැක සහිත උපකරණ රාශියක් සොයාගෙන තිබෙනවා.

එස්.එෆ්.ජී 87 වර්ගයේ අත්බෝම්බ 3ක්, සී ෆෝ කුඩා ප්‍රමාණයක්, සජීවි පතරොම් විශාල ප්‍රමාණයක්, දුරවිදින රයිෆලයක් ඇතුළු නීති විරෝධී අවි ආයුධ රැසක් ඒ අතරවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.

ඔහු සන්තකයේ තිබී එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ රුව ඇතුළත් කමිස 4 ක්ද සොයාගැනුණා.

අදාළ සැකකරු හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙක් බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර ඔහුගේ නිවසේ සිටි සැකකරුගේ බිරිඳ හා සහෝදරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අදාළ සැකකරු වැඩිදුර විමර්ශන සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාෂයට භාරදීමට නියමිත බවයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
News Image
Hiru News Programme Segments
3,666 Views
56,962 Views
21,812 Views
28,927 Views
1,424 Views
106,723 Views
Top