අනධ්‍යයන සේවකයින්ගේ වර්ජනය හේතුවෙන් තාවකාලිකව නතර කෙරුණු සියළුම විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු අද සිට ආරම්භ කෙරෙනවා.
වැටුප් විෂමතාවක් මුල් කර ගනිමින් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව දින 33ක් වර්ජනයක නිරත වුණා.
පෙරේදා දින උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා සමඟ පැවති සාකච්ඡාවේදී ගත් තීරණ අනුව සහ වැටුප් විෂමතා ගැටළුව සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයට යොමු කළ යෝජනා දෙකකට අනුමැතිය ලැබීම නිසා වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බවයි එම ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස්. ප්‍රියන්ත හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ.

Follow US
Most Viewed Stories