දෙමළ සන්ධානය නියෝජනය කළ මන්ත්‍රී වියාලේන්ද්‍රන්ගේ සහයත් ගෝඨාභයට

Monday, 14 October 2019 - 11:42

%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%84%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA%E0%B6%A7
ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහය පළ කරන බව දෙමළ ජාතික සන්ධානය නියෝජනය කළ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. වියාලේන්ද්‍රන් පවසනවා.

මුත්පෝක්කු තමිලර් පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාද වන ඔහු හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ නැගෙනහිර පළාත සංවර්ධනය කිරීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිදුකළ මෙහෙවර හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

ඉදිරි ජනාධිපතිවරණයේදී ලංකා කම්කරු කොංග්‍රසයේ සහය ගෝඨාභය රාජපක්ෂට ලබාදීමට තීරණය කළ බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොණ්ඩමන්ද ඊයේ ප්‍රකාශ කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories