Monday, 14 October 2019 - 12:24
කුරුණෑගල 75,000 කට විදුලිය ඇණ හිටී පුත්තලම - මන්නාරම පරණ පාරත් ජලයෙන් යටවේ
කුරුණෑගල - වාරියපොල ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් හතරකට ඊයේ පස්වරුවේ බලපෑ තද සුළඟකින් නිවාස 20 කට වැඩි ප්‍රමාණයකට අලාභහානි සිදුව තිබෙනවා.
ඊයේ පස්වරුවේ සිට මේ දක්වා කුරුණෑගල - මාස්පොත, වාරියපොල ඇතුලු ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුමද ඇණහිට ඇති බවයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ සංවර්ධන අධ්යක්ෂ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන සඳහන් කළේ.
මේ අතර කලා ඔයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් පුත්තලම - මන්නාරම මාර්ගය එළුවන්කුලම ප්‍රදේශයෙන් තාවකාලිකව වසා දමා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
මේ වනවිටත් එළුවන්කුලම සපත්තු පාලම හරහා අඩි 3 ක පමණ ජල කඳක් ගලා යමින් පවතින බවයි පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කළේ.
මේ හේතුවෙන් මන්නාරම දක්වා ගමන් කරන රථවාහනවලට විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි ඔවුන් දැනුම් දෙන්නේ.
මේ අතර බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර, ඇල්ල සහ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 3ට අදාළව නිකුත් කළ නායයෑම් අවදානම් නිවේදනය තවදුරටත් වලංගු වන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අදත් පස්වරු දෙකෙන් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 - 100 ක පමණ තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා.