%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%85%E0%B6%A7%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
Monday, 14 October 2019 - 13:20
පාසල් අටක් ජාතික පාසල් ලෙස නම් කෙරේ
25,746

Views
පළාත් සභා යටතේ පවතින පාසල් 8 ක් ජාතික පාසල් ලෙස නම් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල - විලයාය මධ්‍ය මහා විද්‍යාලය, තෝපාවැව මහා විද්‍යාලය, දිවුලන්කඩවල මධ්‍ය මහා විද්‍යාලය, බකමූණ මහසෙන් මහා විද්‍යාලය, පොළොන්නරුව මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලය සහ අම්පාර - උහන මහා විද්‍යාලය මෙලෙස ජාතික පාසල් බවට පත් කිරීමටයි තීරණය කර ඇත්තේ. එමෙන්ම ගම්පහ හේනේගම මධ්‍ය මහා විද්‍යාලය සහ කුලියාපිටිය සාරානාත් විද්‍යාලයද ජාතික පාසල් බවට පත් කෙරෙනවා.

මෙම තීරණයත් සමඟ මෙරට ජාතික පාසල් සංඛ්‍යාව 370 දක්වා ඉහළ නැංවෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ.

අදාළ පාසල් මධ්‍යම රජයට පවරා ගැනීම සම්බන්ධයෙන් එකඟතාව පළ නොකරන අධ්‍යයන හා අනධ්‍යයන සේවකයින් යම් පාසලක සිටීනම් ඔවුන් වසර තුනක සේවා කාලයකින් පසු පළාත් රාජ්‍ය සේවයට මුදාහැරීමට කටයුතු කරන බව අදාළ නිවේදනයේ සඳහන්.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජනපතිගේ ඉන්දීය සංචාරය
Friday, 29 November 2019 - 7:35
දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (28) ඉන්දියාව බලා පිටත්ව ගියා.ඒ ඉන්දීය අග්‍රාමාත්‍ය... Read More
News Image
News Image
Hiru News Programme Segments
7,099 Views
68,804 Views
24,322 Views
33,068 Views
1,121 Views
116,447 Views
Top