සේරු නුවර දී අත්අඩංගුවට ගත් එල්.ටී.ටී.ඊ. සාමාජිකයාගේ හෙළිදරව්වෙන් ක්ලේමෝ දෙකක් සොයා ගැනේ

Monday, 14 October 2019 - 16:04

%E0%B7%83%E0%B7%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A.%E0%B6%A7%E0%B7%93.%E0%B6%A7%E0%B7%93.%E0%B6%8A.+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%AF%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A%E0%B6%B8%E0%B7%9D+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A
යාපනය - කොණ්ඩාවිල් ප්‍රදේශයේ ඉඩමක වළ දමා තිබියදී කිලෝ 15 බැගින් බරැති ක්ලේමෝ බෝම්බ දෙකක් සොයාගෙන තිබෙනවා.

මෙම බෝම්බ දෙක සොයාගෙන ඇත්තේ පසුගිය දා යුද හමුදාව විසින් සේරු නුවර ප්‍රදේශයේදී ටී 56 ගිනි අවියක් සමඟ අත්අඩංගුවට ගත් හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයාගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලින් අනතුරුවයි.

සැකකරු, ඔහුගේ බිරිඳ සහ සහෝදරියක් දැනට අත්අඩංගුවට ගෙන ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාරයේ පසුවනවා.

මීට පෙර ද ඔහු රැදී සිටි නිවස පරීක්ෂා කළ අවස්ථාවේදී අත්බෝම්බ 5ක්, සී - 4 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය, සජීවී පතොරොම් 230ක් ඇතුළු තවත් යුද උපකරණ කිහිපයක් සොයා ගනු ලැබුවා.


    



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories