පොලිස් අණ නොතකා ධාවනය වූ ලංගම බස් රථයක් මහමඟ නවතා රියදුරු සහ රිය සහයක පළා යයි

Monday, 14 October 2019 - 17:43

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%85%E0%B6%AB+%E0%B6%B1%E0%B7%9C%E0%B6%AD%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B0%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B6%BA+%E0%B7%80%E0%B7%96+%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B6%B8+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B6%B8%E0%B6%9F+%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B7%8F+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B7%84+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%84%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
කටුබැද්ද ශ්‍රී ලංගම ඩිපෝවට අයත් බස් රථයක් මගී ජීවිත අනතුරට ලක්වන ආකාරයෙන් අපරික්ෂාකාරීව ධාවනය කිරීම නිසා බේරුවල නගරයේදී එහි රියදුරු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බස් රථයේ ගමන් ගත් මගියෙකු පොලීසියට කළ පැමිණිල්ලකට අනුව බස් රථය නවත්වන ලෙසට රථ වාහන පොලිස් නිලධාරීන් දැනුම් දී ඇතත් එය නතර කර ඇත්තේ මීටර් 300ක් පමණ ඉදිරියට ධාවනය කිරිමෙන් අනතුරුවයි.

පසුව එහි කොන්දොස්තරවරයා සහ රියදුරු බසය නවතා පළා ගොස් ඇති බවයි ෂා වාර්තාකරු සඳහන් කළේ. එම අවස්ථාව වන විට බස් රථයේ මගීන් 60 දෙනෙකු පමණ ගමන් කර තිබෙනවා.

කෙසේ වෙතත්, පැය දෙකකට පමණ පසු බස් රථයේ රියදුරු පොලීසියට පැමිණ භාර වී ඇති අතර ඔහු හෙට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories