කිලිනොච්චියේ වෙඩි තැබීම අනවබෝධයෙන් සිදුවූවක් - සුරාබදු නිලධාරීන්

Monday, 14 October 2019 - 19:05

%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%9C%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B6%B1%E0%B7%80%E0%B6%B6%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%96%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+-+%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A
කිලිනොච්චිය - අරවියල් නගර් ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ සුරාබදු නිලධාරීන් පිරිසක් රැගත් ජීප් රථයකට අද උදෑසන පොලීසිය සිදුකළ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුව මූලික වාර්තාවක් කැදවා තිබෙනවා.

ඒ සඳහා උතුරුමැද පළාත් සහකාර සුරාබදු කොමසාරිස් සහ අතිරේක සුරාබදු කොමසාරිස්වරයෙකු පරීක්ෂණ කිරීම සඳහා යොදවා ඇති බවයි සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කැබිතිගොල්ලෑව සුරාබදු ඒකකයේ නිලධාරීන් පිරිසක් අද උදෑසන නිළ රථයෙන් රාජකාරියක් සඳහා යන අතරතුර අරවියල් නගර් ප්‍රදේශයේදී පොලීසිය නතර කරන ලෙසට දැනුම් දී තිබෙනවා.

එහෙත් ජීප් රථය නතර නොකිරීම හේතුවෙන් පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් එහි ගමන් කළ සුරාබදු ඒකකයට තොරතුරු සපයන අයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ගංජා තොගයක් ජීප් රථයකින් ප්‍රවාහනය කරන බවට කිලිනොච්චිය කොට්ඨාශ දූෂණ මර්දන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මතයි ඔවුන් අද උදෑසන එම ප්‍රදේශය අවට විශේෂ මෙහෙයුමක් දියත් කර ඇත්තේ.

කෙසේ වෙතත්, නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ සඳහන් කළේ දෙපාර්ශවය අතර තිබූ අනවබෝධය හේතුවෙන් මෙය සිදුව ඇති බවයි.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories