අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන්නැයි ඉල්ලීමක්

Wednesday, 16 October 2019 - 11:06

%E0%B6%85%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B1%E0%B7%9C%E0%B6%BB%E0%B7%90%E0%B7%80%E0%B6%A7%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
මට්ටක්කුලිය ප්‍රදේශයේ කතෝලික දේවස්ථානයක් අසල නතර කර තිබූ සැකකටයුතු මෝටර් රථයක් සහ ගම්පහ මිරිස්වත්ත ප්‍රදේශයේ පාසලක් අසල සැකකටයුතු පාර්සලක් ඇති බවට පැතිර ගිය ආරංචි අසත්‍යයක් බව පොලීසිය පවසනවා.

මෙවැනි අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙසයි ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

මට්ටක්කුලිය ප්‍රදේශයේ කතෝලික දේවස්ථානයක් සහ ඊට යාබදව ඇති පාසලක් අසළ සැකකටයුතු වාහනයක් තිබෙන බවට ලද තොරතුරක් අනුව පරීක්ෂා කිරීම් සිදුකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කළා.

එම මෝටර් රථය කාර්මික දෝෂයකට ලක්ව අයිතිකරු විසින් ඊයේ රාත්‍රියේ එම ස්ථානයේ නවතා ගොස් ඇති බවයි පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

එමෙන්ම ගම්පහ මිරිස්වත්ත ප්‍රදේශයේ පාසලක් අසල සැකකටයුතු පාර්සලක් පවතින බවට ලද තොරතුරක් මත යුධ හමුදාව ගොස් පරීක්ෂා කිරීම සිදුකළ බව හමුදා මාධ්‍ය ප්‍රකාශ මේජර් ජෙනරාල් සුමිත් අතපත්තු කියා සිටියා.

එහෙත් එම පාර්සලයේ කිසිවක් නොතිබුණු බවයි ඔහු සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories