සිය තුන් හැවිරිදි දරුවා ඝාතනය කර මළ සිරුර අතුරුදන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවකට වසර 13 ක සිරදඬුවමක්

Wednesday, 16 October 2019 - 15:11

%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%90%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%92+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%83%E0%B6%BB+13+%E0%B6%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B6%AF%E0%B6%AC%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
තම තුන් හැවිරිදි දරුවා ඝාතනය කිරීම සහ මළ සිරුර අතුරුදන් කිරීම යන අධිචෝදනා දෙකට වරදකරු වූ විත්තිකාරියකට බරපතල වැඩ සහිත වසර 13 ක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

ඒ, දකුණු පළාත්බද ගාල්ල මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්.පී.එස්.නිශ්ශංකගේ නියෝගයකට අනුවයි.

මෙහිදී පළමු චෝදනාවට වසර 10 ක සිරදඬුවමක් ද, දෙවන චෝදනාවට වසර 3 ක සිරදඬුවමක් ද නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එම සිරදඬුවම් දෙකම එකවර ගෙවීයන ලෙස ද නියම කර තිබෙනවා.

2005 වසරේ නොවැම්බර් 01 ත්, දෙසැම්බර් 8 ත්, අතර කාලය තුළ හිනිදුම - තුම්මෝදර ප්‍රදේශයේදී මෙම සිද්ධිය සිදුව ඇති අතර, දරුවාට කරන ලද පහරදීමකින් ඔහු මියගොස් ඇති බවත්, පසුව මළ සිරුර වත්තේ වළදමා සඟවා ඇති බවත්, නඩු විභාගයේදී අනාවරණ වුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories