මැණික් කර්මාන්තයට කඩිනමින් බලපත්‍ර ලබාදෙන බව අපේක්ෂක ගෝඨාභය කියයි

Wednesday, 16 October 2019 - 19:00

%E0%B6%B8%E0%B7%90%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B6%A9%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%99%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
මැණික් කර්මාන්තය සදහා කඩිනමින් බලපත්‍ර ලබාදීමේ වැඩපිළිවෙලක් ඉදිරියේදී ඇති කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

පැල්මඩුල්ල ප්‍රදේශයේ අද පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මැණික් ඇතුළු කර්මාන්ත කිහිපයක් තුළ පවතින සියලූ ගැටලූ නිරාකරණය කරන බවයි.

මේ අතර, දෙමළ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජාතික සංවිධායක, උතුරු නැගෙනහිර පළාතේ් හිටපු ප්‍රධාන අමාත්‍ය වර්ධරාජා පෙරුමාල් ඇතුළු එම පක්ෂයේ නියෝජිතයන් පිරිසක් අද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ හමුවී ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහය ලබාදෙන බව ප්‍රකාශ කළා.

එසේම, දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයන් ද, ගෝඨාභය රාජපක්ෂට සහය දක්වන බව දැනුම්දීමට අද විපක්ෂ නායකවරයා හමුවුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories