%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8+%E0%B6%B1%E0%B6%AD%E0%B6%BB+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B6%9A%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
Friday, 18 October 2019 - 7:32
සිරියානු මෙහෙයුම නතර කිරීමට තුර්කිය සූදානම්
494

Views
උතුරුදිග සිරියාවේ කුර්දි ප්‍රදේශවල දියත් කළ සිය මෙහෙයුම් අත්හිටුවීමට තුර්කිය එකඟ වී ඇති බව වාර්තා වනවා.

ඒ, ඇමරිකානු උප ජනාධිපති මයික් පෙන්ස්, තුර්කි ජනාධිපති අර්ඩවාන් සමඟ අන්කාරා නුවර දී පැවැත්වූ සාකච්ඡාවලින් අනතුරුවයි.

ඒ අනුව දින 5ක කාලයක් සියළු මෙහෙයුම් අත්හිටුවන අතර, එම කාලය තුළ දේශසීමාවේ තුර්කිය යෝජනා කරන ආරක්ෂිත කලාපයෙන් කුර්දි සන්නද්ධ කණ්ඩායම්වලට ඉවත්වීමට ඉඩ සැලසෙනු ඇති.

කෙසේ නමුත්, කුර්දි සටන්කාමීන් මෙම එකඟතාව මුළුමනින්ම පිළිපදිනු ඇත්දැයි පැහැදිලි නොමැති බව විදෙස් වාර්තා සඳහන් කළා.

සිරියානු යුද්ධයෙන් අවතැන් වූ 36 ලක්ෂ 74,000කට අධික පිරිසක් තුර්කියේ රැඳී සිටින අතර ඔවුන් වෙනුවෙන් ආරක්ෂිත කලාපයක් ඇති කිරීම තුර්කි රජය දියත් කළ මෙහෙයුමේ අරමුණයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජනපති ගෝඨාභය සිය ධුරයේ වැඩ අරඹයි
Tuesday, 19 November 2019 - 16:15
නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද සිය ධුරයේ රාජකාරි ආරම්භ කළා. ඒ, අද (19) පෙරවරු 10.51ට යෙදී තිබූ සුබ මොහොතින්... Read More
News Image
News Image
Hiru News Programme Segments
2,723 Views
62,174 Views
23,240 Views
30,995 Views
595 Views
111,691 Views
Top