කම්කරු කොංග්‍රසය සහ පොදුජන පෙරමුණ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි

Friday, 18 October 2019 - 9:26

%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B6%BA+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%A2%E0%B6%B1+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AB+%E0%B6%85%E0%B7%80%E0%B6%B6%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%B6%E0%B6%BA%E0%B7%92
ජනාධිපතිවරණයට අදාළව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ලංකා කම්කරු කොංග්‍රසය අද අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුවා.

ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී අද පෙරවරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් එහි සභාපති ජී.එල්. පීරිස් සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන් එම ගිවිසුමට අත්සන් තැබූ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ වෙත සහය පළ කරන බවට පසුගිය දා ලංකා කම්කරු කොංග්‍රසය ප්‍රකාශ කළා.

ඒ අනුව අද මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීමේ අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, ඇතුළු පිරිසක් ද එක්ව සිටියා.








Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories