තැපැල් ඡන්ද පත්‍රිකා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී සහතික කරයි

Friday, 18 October 2019 - 13:03

%E0%B6%AD%E0%B7%90%E0%B6%B4%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B7%80%E0%B6%BD%E0%B6%AF%E0%B7%93+%E0%B7%83%E0%B7%84%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ජනාධිපතිවරණයට අදාළව තැපැල් ජන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට්ටු සහතික කිරීමේ නිලධාරීන්ට නිකුත් කිරීම සියළුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී අද ආරම්භ වුණා.

මැතිවරණ කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ ඒ ඒ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලින් එම රක්ෂිත පැකට්ටු තැපෑලට භාරදෙන බවයි.

ඒ අනුව එම කාර්යාලවලට පොලිස් ආරක්ෂාව යෙදවීමටද පියවර ගෙන තිබෙනවා.

අද මෙලෙස තැපෑලට භාරගන්නා තැපැල් ජන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට්ටු සතියක් ඇතුළත රාජ්‍ය ආයතනවල තැපැල් ඡන්ද සහතික කිරීමේ නිලධාරීන් වෙත ලබාදීමට නියමිතයි.

ලබන මස 16 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළව තැපෑලෙන් ජන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා සිටින රාජ්‍ය සේවකයින් සංඛ්‍යාව හය ලක්ෂ 59 දහස් 514ක්.

මෙවර රාජ්‍ය ආයතනවල සහ ආරක්ෂක හමුදාවල තැපැල් ඡන්ද සලකුණු කිරීම මේ මස 31 වනදා සහ නොවැම්බර් මස පළමු වනදා සිදුකිරීමට නියමිත අතර, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල හා පොලීසිය යන අනෙකුත් ආයතනවල නිලධාරින්ගේ තැපැල් ඡන්ද සලකුණු කිරීම නොවැම්බර් මස 4 වනදා සිදුකෙරෙනු ඇති.

එම දිනවල තැපැල් ජන්ද සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්දදායකයින්ට ලබන මස 07 වනදා තම සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී ජන්දය සලකුණු කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා.

ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට භාරදීම මේ මස 25 වනදා සිදුකෙරෙන බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ.

එමෙන්ම, නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස නොවැම්බර් 3 වනදා නම් කර ඇති අතර, නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම නොවැම්බර් මස 9 වනදා අවසන් කිරීමට නියමිතයි.

ජනාධිපතිවරණය හේතුවෙන් දිවයින පුරා සියලූ තැපැල් සේවකයින්ගේ නිවාඩු ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමටද තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories