වතුකම්කරු වැටුප දහස දක්වා නැංවීම ගෝඨාභයගේ ප්‍රායෝගික ප්‍රතිඥාවක් - පොදුජන පෙරමුණ කියයි

Friday, 18 October 2019 - 18:49

%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B4+%E0%B6%AF%E0%B7%84%E0%B7%83+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%B1%E0%B7%90%E0%B6%82%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B7%92%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%A5%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+-++%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%A2%E0%B6%B1+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AB+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා ඉහළ නංවන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ලබාදී ඇත්තේ ප්‍රායෝගික ප්‍රතිඥාවක් බව එම පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහය පළ කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ලංකා කම්කරු කොංග්‍රසය අතර, අද අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමේ අවස්ථාවට එක්වෙමින්.

එම අවබෝධතා ගිවිසුම කොළඹ පිහිටි ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී අත්සන් තැබුණු අතර, ඊට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් එහි සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් සහ ලංකා කම්කරු කොංග්‍රසය නියෝජනය කරමින් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොණ්ඩමන් අත්සන් තැබුවා.

මෙම අවස්ථාවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මෙන්ම, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහය පළ කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු සෙසු පක්ෂවල නියෝජිතයින් ද එක්ව සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories