පළාත් 5කට තවදුරටත් වැසි

Saturday, 19 October 2019 - 13:24

%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+5%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් හෙට දිනයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල තවදුරටත් සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

ඒ අනුව බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වර්ෂාපතනයක් ඇති විය හැකි බව ද කාලගුණ නිවේදනයේ සඳහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories