ජනපතිවරණයට කාඞ්බෝඩ් ඡන්ද පෙට්ටි

Tuesday, 22 October 2019 - 7:21

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B7%8F%E0%B6%9E%E0%B7%8A%E0%B6%B6%E0%B7%9D%E0%B6%A9%E0%B7%8A+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B4%E0%B7%99%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%92
මෙවර ජනාධිපතිවරණයේදී කාඞ්බෝඞ් වලින් තැනූ ඡන්ද පෙට්ටි යොදා ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

ඊට අදාළව සමාගම්වලින් ටෙන්ඩර් කැදවීම ආරම්භ කර ඇති බවයි එම කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයින් 35 ක් ඉදිරිපත්ව සිටීම නිසා ඡන්ද පත්‍රිකාව අඟල් 26ක් දිගින් යුක්ත වන අතර, මේ නිසා ඡන්ද පෙට්ටිවල ඉඩකඩ සීමාසහිත වීමත් සමඟයි අතිරේක ඡන්ද පෙට්ටියක් ඡන්ද මධ්‍යස්ථානවලට යොමු කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කරනු ලැබුවේ.

ඒ අනුව විශේෂිත කාඞ්බෝඩ් වර්ගයකින් තැනූ ඡන්ද පෙට්ටි මේ සඳහා යොදා ගැනෙන අතර ටෙන්ඩර් කාලය අවසන් වන ලබන සිකුරාදා පස්වරුවේ, යොදා ගන්නා ඡන්ද පෙට්ටි සංඛ්‍යාව තීරණය කරන බවයි කොමිසමේ ප්‍රකාශකයා කියා සිටියේ.

මේ අතර, මැතිවරණ කොමිෂන් සභාව සහ දේශපාලන පක්ෂ නියෝජිතයින් අතර, විශේෂ සාකච්ඡාවක් අද පෙරවරු 10ට කොමිෂන් සභා පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories