සිම්බාබ්වේ වනෝද්‍යානයක අලි 55ක් මිය යයි

Tuesday, 22 October 2019 - 11:06

%E0%B7%83%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%8F%E0%B6%B6%E0%B7%8A%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B6%B1%E0%B7%9D%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A+%E0%B6%85%E0%B6%BD%E0%B7%92+55%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
සිම්බාබ්වේ ච්වෑන්ග් ජාතික වනෝද්‍යානයේ මාස දෙකක් තුළ අලි ඇතුන් 55 දෙනෙකු මියගොස් තිබෙනවා.

එරටට බලපා ඇති දැඩි නියඟය හමුවේ ආහාර හා ජලය නොමැතිව මෙම අලි ඇතුන් මිය ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

වනෝද්‍යානය තුළ අලි ඇතුන් 15,000කට ආසන්න සංඛ්‍යාවකට ඉඩකඩ පැවතිය ද මේ වන විට 50,000කට අධික අලි ඇතුන් සංඛ්‍යාවක් එහි වෙසෙන බව සදහන්.

ඇතැම් අලි ඇතුන් බොහෝ දුර ගමන් කර ජලය පවතින ස්ථානවලට මීටර් 50ක පමණ දුරක් තිබියදී ඇද වැටී මිය ගොස් සිටින අයුරු දක්නට ලැබෙන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මේ අතර, සිම්බාබ්වේ හි මිලියන 2ක පමණ පිරිසක් ආහාර හිඟය හේතුවෙන් දැඩි අර්බුදයක සිටින බව එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන ද ප්‍රකාශ කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories