කෝටියක හෙරොයින් වැල්ලම්පිටියෙන් අත්අඩංගුවට

Tuesday, 22 October 2019 - 12:23

%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%9A+%E0%B7%84%E0%B7%99%E0%B6%BB%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
රුපියල් කෝටි 4ක් වටිනා ස්වර්ණාභරණ හා රන් බිස්කට් තොගයක් නීතිවිරෝධීව පිට කිරීමට තැත් කළ කටුනායක ගුවන් තොටුපළේ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ සේවකයෙකු ගුවන් තොටුපළ රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද පෙරවරුවේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වත්තල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙක්.

ග්‍රෑම් 100 බැගින් වූ රන් බිස්කට් 40ක් හා කිලෝවයි ග්‍රෑම් 400ක් බරැති ස්වර්ණාභරණ තොගය පාර්සලයක සකසා සිය පාදයේ සඟවාගෙන පිටතට රැගෙන ඒමට උත්සාහ කිරීමේදීයි මොහු අත්අඩංගුවට ගැනුණේ.

මේ අතර, කොළොන්නාව - වැල්ලම්පිටිය ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 107ක් සමඟින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු හෙරොයින් ජාවාරමේ නිරත වන බවට ලද තොරතුරකට අනුවයි ඊයේ ඔහු කොළඹ අපරාධ කොට්ඨාශය අත්අඩංගුවට ගෙන ඇත්තේ.

24 හැවිරිදි සැකකරු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ද වනවා. අත්අඩංගුවට ගත් හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටියකට අධිකයි.

මේ අතර, හම්බන්තොට - බදගිරිය ප්‍රදේශයේදී ද හෙරොයින් ග්‍රෑම් දෙකක් සමඟින් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories