මැතිවරණ කොමිසම සහ පක්ෂ නියෝජිතයින් අතර සාකච්ඡාව ඇරඹේ

Tuesday, 22 October 2019 - 12:59

%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
මැතිවරණ කොමිෂන් සභාව සහ දේශපාලන පක්ෂ නියෝජිතයින් අතර, විශේෂ සාකච්ඡාව මේ වන විට ආරම්භ වී තිබනෙවා.

ඒ, එම කොමිසම් සභාවේ සභාපති මහින්ද දේශප්‍රියගේ ප්‍රධානත්වයෙන්.

රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා ශ්‍රවණාගාරයේ පැවැත්වෙන එම සාකච්ඡාවේදී ජනාධිපතිවරණයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් අවදානය යොමු කරන බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල නියෝජිතයන්ද මෙම සාකච්ඡාවට එක්ව සිටිනවා.

මේ අතර, ඉදිරි ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු වෙනුවෙන් දැනට දිවයිනට පැමිණ සිටින යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම අද සිට සිය නිරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.

ඒ සඳහා 30 දෙනෙකුගෙන් සමන්විත නිරීක්ෂණ කණ්ඩායමක් පසුගිය දා දිවයිනට පැමිණි අතර යුරෝපා සංගමයේ තවත් කෙටි කාලීන නිරීක්ෂකයින් කණ්ඩායමක් ඉදිරියේදී දිවයිනට පැමිණෙනු ඇති.

මීට අමතරව දකුණු ආසියානු කලාපීය මැතිවරණ නිරීක්ෂණ සංසදය මෙන්ම සාක් කලාපීය රටවල නිරීක්ෂකයින් පිරිසක් ද සිය ආරාධනය මත ඉදිරි දිනවල දිවයිනට පැමිණීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.

එමෙන්ම ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 1237ක් වාර්තා වී ඇති බව ද මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories