මීනගයා දුම්රිය ධාවනය අද අවලංගු කෙරේ

Tuesday, 22 October 2019 - 13:40

%E0%B6%B8%E0%B7%93%E0%B6%B1%E0%B6%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B0%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF+%E0%B6%85%E0%B7%80%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
දුම්රිය පීලි පැනීමක් හේතුවෙන් රාත්‍රී 7ට කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වීමට නියමිත මීනගයා සීග්‍රගාමී දුම්රිය අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඊයේ රාත්‍රියේ කොළඹ කොටුවේ සිට ධාවනය වූ මෙම දුම්රිය පීළි පැනීමට ලක්වූයේ අවුකන උප දුම්රිය ස්ථානය ආසන්නයේදීයි.

සිද්ධියෙන් මෙම දුම්රියේ එන්ජිම ඇතුළු මැදිරි 6ක් පීලි පැනීමට ලක්වූ අතර, අදාළ මැදිරි මාර්ගයෙන් ඉවත් කිරිමේ කටයුතු තවදුරටත් සිදුකෙරෙන බැවින් මෙලෙස දුම්රිය අවලංගු කළ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව තවදුරටත් සදහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories