කැනඩාවටත් සන්ධාන ආණ්ඩුවක් එන ලකුණු

Tuesday, 22 October 2019 - 15:06

%E0%B6%9A%E0%B7%90%E0%B6%B1%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%91%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94
කැනඩාවේ ඊයේ පැවති මහ මැතිවරණයෙන් වත්මන් අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ නායකත්වය දරණ ලිබරල් පක්ෂය ජයග්‍රහණය කර තිබෙනවා.

කෙසේ වෙතත් ආසන 338 කින් සමන්විත කැනඩා පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබාගැනීම සඳහා ආසන 170 ක් අවශ්‍ය වූවත් ලිබරල් පක්ෂයට මැතිවරණයෙන් හිමිව ඇත්තේ ආසන 157 ක් පමණයි.

කොන්සර්වේටිව් පක්ෂය ආසන 121 ක් ලබාගෙන ඇති අතර, සුළු පක්ෂ අතර ආසන 59 ක් බෙදි ගොස් තිබෙනවා.

මේ අනුව වැඩි ආසන සංඛ්‍යාවක් ලබා සිටියත් අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝට සන්ධානගතව ආණ්ඩුවක් පිහිටුවීමට සිදුවන බව විදෙස් වාර්තා ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories