ප්‍රදේශ රැසක ගෑස් හිඟ වෙයි

Wednesday, 23 October 2019 - 19:29

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A+%E0%B6%9C%E0%B7%91%E0%B7%83%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%9F+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
කොළඹ ඇතුලු ප්‍රදේශ රැසක මේ දිනවල ගෘහස්ථ ගෑස් හිඟයක් පවතින බවට හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තාවුණා.

මෙම තත්ත්වයත් සමඟ ගෑස් පාරිභෝගිකයන් දැඩි අපහසුතාවට පත්ව සිටින බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ. දීපවාලි උත්සව සමයත් සමඟ මෙම තත්ත්වය වතුකරයටද දැඩිසේ බලපා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී ලිට්රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියෙකු කියා සිටියේ සෞදි අරාබියට පසුගියදා එල්ලවූ ඩ්‍රෝන ප්‍රහාරයත් සමඟ මෙරටට ගෑස් ආනයනය කිරීමේදී ගැටළු මතුවී ඇති බවයි.

එහෙත් මේ වනවිට එම ගැටළු නිරාකරණය කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවද ඔහු ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories