MCC ගිවිසුමට එරෙහි පෙත්සම් සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින දෙයි

Wednesday, 13 November 2019 - 12:47

MCC+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B6%BD%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B6%E0%B7%90%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම ඇමරිකානු එක්සත් ජනපදය සමඟ අත්සන් කිරීම වලක්වන තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම ලබන වසරේ ජනවාරි මස 31 වනදා දක්වා කල් දමා තිබෙනවා.

ඒ මෙම පෙත්සම් බුවනෙක අලූවිහාරේ, එල්.ටී.බී. දෙහිදෙණිය, මුර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයිරාජා, සහ ගාමිණී අමරසේකර යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද කැදවූ අවස්ථාවේදීයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, නීතිඥ දර්ශන වේරදූවගේ සහ බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ පූජ්‍ය අඟුළුගල්ලේ ජිනානන්ද හිමියන් මෙම පෙත්සම් ගොනු කර තිබුණා.

පෙත්සම්කරුවන් කියා සිටියේ මෙම ගිවිසුම යටතේ ශ්‍රී ලංකා රජය ඇමරිකානු රජය සමඟ හමුදාවන් ස්ථානගත කිරීමේ ගිවිසුම, අත්පත් කර ගැනීම සහ අන්තර් සේවා සැපයීමේ ගිවිසුම මෙන්ම සහඝ්‍ර අභියෝග සංස්ථා සංයුක්ත ගිවිසුම යන ගිවිසුම් කීපයකට එළඹීමට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබාදී ඇති බවට ඉකුත් 30 වනදා පළ වූ මාධ්‍ය වාර්තා වලින් දැන ගත් බවයි.

පාර්ලිමේන්තුවේ සහ මහජනතාවගෙන් කිසිදු අනුමැතියකින් තොරව අත්සන් කිරීමට නියමිත මෙම ගිවිසුම තුලින් රටේ ජාතික ආරක්ෂාවට සහ ස්වෛරීභාවයට බරපතල අගතියක් සිදුවිය හැකි බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් ඒ තුලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවද පෙන්වාදුන්නා.

මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන, මුදල් අමාත්‍ය මංගල සමරවීර ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories