ශ්‍රී ලංගම බස් රථයකට හලාවත දී ගල් ප්‍රහාරයක් - තුන් දෙනෙකු රෝහලේ

Thursday, 14 November 2019 - 10:05

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B6%B8+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%84%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%AD+%E0%B6%AF%E0%B7%93+%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A
හලාවත - පුත්තලම මාර්ගයේ බංගදෙනිය - ලූණුඔය පාලම ආසන්නයේදී ශ්‍රී ලංගම බස් රථයකට එල්ල වූ ගල් ප්‍රහාරයක් හේතුවෙන් එහි සිටි තුන් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ඊයේ රාත්‍රියේ කිසියම් පිරිසක් යාපනය සිට කොළඹ බලා ධාවනය වූ මෙම බස් රථයට ගල් ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි.

තුවාල ලැබූවන් හලාවත රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories