ෆේස්බුක් සමාගම ව්‍යාජ ගිණුම් බිලයන 5ක් ඉවත් කරයි

Thursday, 14 November 2019 - 12:46

%E0%B7%86%E0%B7%9A%E0%B7%83%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%A2+%E0%B6%9C%E0%B7%92%E0%B6%AB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B6%BA%E0%B6%B1+5%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ව්‍යාජ ගිණුම් බිලියන 5යි දශම 4ක් වසරේ මේ දක්වා කාලය තුල ඉවත් කළ බව ෆේස්බුක් සමාගම පවසනවා.

ව්‍යාජ තොරතුරු පැතිර යාම මෙහි අරමුණ බවයි එම සමාගම සඳහන් කළේ. සාමාන්‍යයෙන් ලොවපුරා පරිශීලකයින් අතරින් සියයට 5ක ප්‍රතිශතයක් ව්‍යාජ ගිණුම් බවට හදුනාගෙන තිබෙනවා.

ෆේස්බුක් සමාගම සඳහන් කළේ ව්‍යාජ ගිණුම් සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලීම් මේ වසරේ සියයට 16කින් පමණ ඉහල ගොස් ඇති බවයි.

ඇමරිකා එක්සත් ජනපදය ඒ අතරින් පෙරමුණේ පසුවන අතර පිළිවෙලින් ඉන්දියාව, බ්‍රිතාන්‍ය, ජර්මනිය, ප්‍රංශය යන රටවලින් එවැනි ඉල්ලීම් විශාල වශයෙන් ඉදිරිපත් වන බව ෆේස්බුක් සමාගම කියා සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories