හොංකොං විරෝධතාකරුවන්ගේ ගැටුම් මැද අයෙක් මියයයි

Friday, 15 November 2019 - 8:46

%EF%BB%BF%E0%B7%84%E0%B7%9C%E0%B6%82%E0%B6%9A%E0%B7%9C%E0%B6%82+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
හොංකොං හි ප්‍රජාතන්ත්‍රවාදී විරෝධතාකරුවන් සහ චීන හිතවාදීන් අතර, ඇතිවූ ගැටුම්වලදී ගඩොල් ප්‍රහාරයකට ලක්වී වයස අවුරුදු 70 ක පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

දෙපාර්ශවය අතර, ඇතිවූ ගල් මුල් හුවමාරුවකදී වෙස් මුහුණුලා ගත් ප්‍රජාතන්ත්‍රවාදි විරෝධතාකරුවන් එල්ල කළ ප්‍රහාරයකින් ඔහු මියගොස් ඇති බවයි චීන මාධ්‍ය වාර්තා කළේ.

මීට සතියකට පෙර විරෝධතා අතරතුර, උස් ගොඩනැගිල්ලකින් ඇද වැටුණු 22 හැවිරිදි ශිෂ්‍යයෙකු ද ජීවිතක්ෂයට පත්වුණා.

මාස 5 ක් තිස්සේ චීනයේ පවතින මෙම දේශපාලන ගැටුම් සම්බන්ධයෙන් චීන ජනාධිපති ෂී ජින් පින් ඊයේ ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදුකළා.

බ්‍රසීලයේ පැවැත්වෙන බ්‍රික්ස් සමුළුවේදී ඔහු කියා සිටියේ විරෝධතාකරුවන්, හොංකොං හි එක් දේශයක් - පාලන තන්ත්‍ර දෙකක් යන සංකල්පය අභියෝගයකට ලක් කර ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories