දකුණු අප්‍රිකාවේ මිකී ආතර්, ශ්‍රී ලංකා ක්‍රිකට් පිල භාර ගනී

Friday, 15 November 2019 - 14:53

%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B7%93+%E0%B6%86%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%2C+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස දකුණු අප්‍රිකානු හිටපු ක්‍රීඩක සහ පුහුණුකරු මිකී ආතර් පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

දකුණු අප්‍රිකාවට අමතරව, ඔහු ඕස්ට්‍රේලියාව සහ පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම්වල ප්‍රධාන පුහුණුකරු ලෙස ද කටයුතු කළා.

වසර දෙකක කොන්ත්‍රාත් කාලයක් සඳහායි මිකී ආතර් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත් කෙරෙන්නේ.

ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ චන්දික හතුරුසිංහ නියමිත කාලයට පෙර සේවයෙන් ඉවත් කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරය මාස 3 කට ආසන්න කාලයක් පුරප්පාඩුව පැවතියා.

ලබන මස 4 වනදා මෙරටට පැමිණෙන මිකී ආතර්ගේ පළමු අභියෝගය වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්ථානු තරඟ සංචාරයයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories