වායු දූෂණය ගැන කරුණු දක්වන්නැයි ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දිල්ලි ප්‍රාන්ත රජයට නොතීසි

Friday, 15 November 2019 - 20:13

%E0%B7%80%E0%B7%8F%E0%B6%BA%E0%B7%94+%E0%B6%AF%E0%B7%96%E0%B7%82%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B1%E0%B7%9C%E0%B6%AD%E0%B7%93%E0%B7%83%E0%B7%92
නවදිල්ලි අගනුවරට බලපා ඇති වායු දූෂණ තත්ත්වය සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද දිල්ලි ප්‍රාන්තයේ ප්‍රධාන ලේකම්වරයා ඇතුළු ප්‍රාන්ත 3 ක ලේකම්වරුන්ට අද නොතීසි නිකුත් කළා.

මීට අදාළ පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල කියා සිටියේ දිල්ලියේ වායු දූෂණය උග්‍රව පවතින ස්ථාන 13 ක් මේ වනවිට හඳුනාගෙන ඇති බවයි.

දිල්ලි ප්‍රාන්ත ලේකම්වරයාට අමතරව මෙලෙස ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කෙරුණේ අවට ප්‍රාන්ත වන හරියානා පන්ජාබ් සහ උත්තර ප්‍රදේශ් ප්‍රාන්ත ලේකම්වරුන්ටයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories